උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සාමාජිකයින්ගේ උගත්භාවය සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කරනවා. බෞද්ධ හා සංස්කෘති පුනර්ජීවන කමිටුව හමුවේ සිය අදහස් පළ කළ අවස්ථාවේදී එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මේ පිළිබදව කියා සිටියා.
බෞද්ධ හා සංස්කෘතික පුනර්ජීවන කමිටුව හමුවේ ඊයේ (10) දිනයේ දී දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින් ද අදහස් දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ද ඊයේ දිනයේ දී එම කමිටුව හමුවේ කරුණු දක්වමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව පිළිබදව අදහස් දැක්වූවා.
[MP3]s56939_1[/MP3]
කෙසේ වෙතත් එම කමිටුව හමුවේ කරුණු දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර සදහන් කළේ උගත් පාඩම් කොමිසම් වාර්තාව සකස් කළ පුද්ගලයින් පිළිබදව ගැටළුසහගත බවයි.
[MP3]s56939_2[/MP3]
Follow US
Most Viewed Stories