තවත් විකිලීක්ස් හෙළිදරව්වක්.

Thursday, 11 April 2013 - 7:50

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

1980 - 90 දශකයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවලට බලපෑම් කළ බව තවත් විකිලීක්ස් හෙළිදරව්වකින් අද (11) අනාවරණය වුණා. ඒ අනුව තමිල්නාඩුවේ ක්‍රියාත්මක ජයලලිතාගේ හා කරුණානිධිගේ දේශපාලන පක්ෂවලට මෙලෙස බලපෑම් එල්ල වූ බවට එවක චෙන්නායි හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනය වෙත කේබල් පණිවුඩයක් මගින් දැනුවත් කර ඇති බවයි විකිලීක්ස් අනාවරණය කළේ. ඉන්දීය හමුදා මෙරට සාම සාධක මෙහෙයුම්වල නිරත වීමෙන් පසු එල්.ටී.ටී.ඊ ය ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඝාතනය කිරීමට පියවර ගෙන තිබුණා. ඉන් පසුවයි මෙලෙස තමිල්නාඩුව වෙත එල්.ටී.ටී.ඊ බලපෑම් වැඩි වී ඇත්තේ. කෙසේ වෙතත් එවක තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් එල්.ටී.ටී.ඊ. යට එරෙහි ස්ථාවරයක කටයුතු කර ඇති බව විකිලීක්ස් හෙළිදරව්වේ සඳහන්. ඒ අනුව එල්.ටී.ටී.ඊ. යට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජයලලිතා ඉල්ලීමක් කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ය තමිල්නාඩුව තුළ යම් කලකට නිහඩ කිරීමට ජයලලිතාගේ මෙම දැඩි තීරණය හේතු වූ බවයි විකිලීක්ස් හෙළිදරව්වේ දැක්වෙන්නේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව බලයට පැමිණි කරුණානිධි එල්.ටී.ටී.ඊ. යට එතරම් කැමැත්තක් නොදැක්වුවද ඔවුන්ට ඇති බිය නිසා යම් පක්ෂග්‍රාහී ස්වභාවයකින් කටයුතු කර ඇති බව ද එම අනාවරණයේ තවදුරටත් සදහන්. මෙම පසුබිම තුළ කරුනානිධිගේ පාලන සමය තුළ එල්.ටී.ටී.ඊ. ය නිදහසේ තමිල්නාඩුවේ හැසිරුණු බව ද චෙන්නායි නුවර සිට වොෂින්ටනයට යැවුණු කේබල් පණිවුඩයේ සදහන් වූ බව විකිලීක්ස් අනාවරණයයේ තවදුරටත් සඳහන් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories