පුතාගේ පොලූ පහරින් රුවන්වැල්ලේ මවක් මරුට.

Thursday, 11 April 2013 - 12:48

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



තමන් මෙළොවට බිහි කළ අම්මා සහ තමන් ජීවිතය දෙවැනි කොට සුරක්ෂිත කළ තාත්තා ඝාතනය කිරීම කිසිදා සමාව නොලැබෙන ආනන්තර්ය පාපකර්මයක් ලෙස බුදු දහමේ දැක්වෙනවා. පොල්ලකින් පහරදී තම 72 හැවිරිදි මව ඝාතනය කළ පුතෙකු පිළිබඳ පුවතක් අද උදෑසන හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මුදල් ආරවුලක් මත රුවන්වැල්ල - ගලපාත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේයි මෙම පුතු තම මව ඝාතනය කර ඇත්තේ. පහරදීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඝාතනයට ලක්වූ මවගේ මෘත ශරීරය කරවනැල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories