එන්න, සත්‍යය දකින්න. - අධිෂ්ඨාන පූජාව ඇරඹේ.

Thursday, 11 April 2013 - 19:11

%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

තමිල්නාඩුවේ සිදුවන ශ්‍රී ලංකා විරෝධී  ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙරට කලාකරුවන්ගේ අධිෂ්ඨාන පූජාවද මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලාංකීය කලාකරුවන් නිදහස් චතුරස‍්‍රයේ අද (11) අධිෂ්ඨාන පූජාවක නිරත වන්නේ එන්න... සත්‍ය දකින්න, යන තේමාව යටතේයි. තමිල්නාඩුවේදී වන්දනාවේ ගිය මෙරට භික්ෂුන් වහන්සේලාට පහරදීමේ සිට අයි.පී.එල් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පැනවූ තහනම දක්වා ශ්‍රී ලංකා විරෝධයක් දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මක වනවා. දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා ශිල්පීන් ද එක් වූ විරෝධතාවයක් පසුගිය 2 වැනිදා ටී-නගර් හිදී පැවැත්වුණා. ඊට රජිනි ඛාන්ත්, කමල් හසන් සහ සරත් කුමාර යන සිනමා නළුවන් එක්ව සිටියා.

එහිදී, අදහස් දැක්වූ දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති සරත් කුමාර පැවසුවේ යුධ අපරාධ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

[MP3]s56987_1[/MP3]                     

මීට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානය අද (11) අධිෂ්ඨාන පූජාවක් සංවිධානය කළේ. එහි අරමුණ පැහැදිලි කළ එහි සභාපතිනි ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා.

[MP3]s56987_2[/MP3]      

මේ දිනවල ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින්නේ ද මෙරට සැබෑ තත්ත්වය දැක බලා ගැනිීම සඳහායි. ඊට තමිල්නාඩුව නියෝජනය කරන දේශපාලඥයෙක් එක්ව නොසිටීම ද විශේෂත්වයක්. මෙම ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම දෙමළ ජාතික සන්ධානය සහ කථානායකවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ද  මුණ ගැසුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී සමඟ ද ඔවුන් සාකච්ඡා කළා. ඒ පිළිබඳව පැහැදිලි කළ වී. ආනන්ද සංගරී.

[MP3]s56987_3[/MP3]              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories