වකුගඩු රෝගය සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. එම වාර්තාව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වෙත ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට අනුමැතිය පළ වුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම විද්වත් කමිටුව පත් කළ අතර එහි අන්තර්ගත නිර්දේශ සංඛ්‍යාව 15 ක්. එම නිර්දේශ අනුව විෂ රසායනික සහිත පලිබෝධනාශක වර්ග 4 ක් ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමූ අතර පොහොර භාවිතය අඩු කිරීම ද අමාත්‍යාංශය තීරණය කළා.
අද දිනයේ ද වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාලාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වුණා. ඊට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද එක්ව සිටියා. ඔහු ඇතුළු කණ්ඩායමක් අනුරාධපුරයේ පදවිය ප්‍රදේශයේ කළ අලූත්ම පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වකුගඩු රෝගය වැළඳී නැතැයි සිතන පුද්ගලයන් රැසකගේ වකුගඩු කුඩා වී ඇති බවයි. ඒ පිළිබඳව වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කළා.
[MP3]s56990_1[/MP3]
රජරට, මාතලේ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වසර ගණනාවක් තිස්සේ අනුභව කරන ආහාරයන්ගේ විෂ සහිත ද්‍රව්‍ය අන්තර්ගතවීමයි. එයින් මිදීම සඳහා තිත්ත කැකිරි, කෝවක්කා සහ මුරුංගා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බව ද වෛද්‍ය චන්ද ජයසුමන කියා සිටියා.
[MP3]s56990_2[/MP3]
Follow US
Most Viewed Stories