යුද්ධයේ නිමාවෙන් පසු 8000 ක් ඕස්ට්‍රේලියාවට.

Friday, 12 April 2013 - 8:09

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B4%E0%B7%83%E0%B7%94+8000+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



2009 වසරේ මෙරට යුද්ධය අවසන්වීමෙන් පසු පුද්ගලයන් 8000 ක් පමණ  ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළා.  ඕස්ට්‍රේලියානු ආගමන විගමන බලධාරින් උපුටා දක්වමින් ඉදිරිපත් කළ මෙම වාර්තාවේ මෙම සියලූදෙනා අනවසර සංක්‍රමණිකයන් ද යන්න තහවුරු කර නැහැ. කෙසේ වෙතත්, මෙම 8000 න් පුද්ගලයන් 1000කට පමණ  ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිවී තිබෙනවා. 2009 වසරේ මැයි මාසයේ සිට 2013 වසර දක්වා වූ කාලය තුළයි මෙම පිරිස  ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ. 2008 වසරේ සරණාගතභාවය අපේක්ෂාවෙන්  ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ පුද්ගලයන් 16 දෙනෙකු පමණයි. එහෙත්, 2012 වසරේදී එය 6428 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 
කෙසේ වෙතත්,  ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ පවසන්නේ ශ්‍රී ලංකාවේ සිට  ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රමාණය මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි. පසුගියදා ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 66 දෙනෙකු රැගත් යාත්‍රාවක් බටහිර  ඕස්ට්‍රේලියාවේ ජෙරල්ටන් වරායට ළඟා වුණා. එය කිසිසේත් යළි අනවසර සංක්‍රමණ වැඩිවන බවට වූ සංඥාවක් නොවන බව අද්මිරාල් තිසර සමරසිංහගේ අදහස වී ඇතැයි  ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories