පොලීසියෙන් කියලා මුදල් කොල්ලකන කල්ලියක්.

Friday, 12 April 2013 - 12:44

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



පොලිස් නිලධාරීන් බවට අඟවා දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් බියගන්වා මුදල් ලබාගැනීමට උත්සාහ දරණ පුද්ගලයින් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සංවිධානාත්මක කණ්ඩායම් විසින් දුරකථන මගින් වංචනිකව විවිධ පුද්ගලයින් බියගැන්වීම් සිදුකළ අවස්ථා පිළිබඳව විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. එවැනි අවස්ථාවක ඒ පිළිබඳව බිය නොවී කටයුතු කරන ලෙසද පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 0112 4444 80, 0112 4444 81 සහ 0112 4444 82 යන දුරකථන අංක ඇමතීමෙන් එම තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

 

මේ අතර උත්සව සමය වෙනුවෙන් පොලීසිය ජනතාව වෙත විශේෂ උපදෙස් මාලාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.

[MP3]s57032[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories