සිරකරුවන් පිරිසක් සතියක් ගෙදර.

Friday, 12 April 2013 - 18:41

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB.

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් තෝරාගත් සිරකරුවන් සඳහා සති සමා කාලයක් ලබාදීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර කියා සිටියේ සුළු වැරදි සහ යහපත් කල්ක්‍රියාවෙන් පසුවු රැඳවියන්ට මෙම සමා කාලය ලබාදෙන බවයි.

 

[MP3]s57056_1[/MP3]

 

මේ අතර, ලබන 13 වැනිදා සහ 14 වැනිදා දිනයන් හිදී රැඳවියන්ට තම ඥාතීන් සමග කාලය ගත කිරීමට අවස්ථාවක්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබෙනවා. මේ, ඒ පිළිබඳව පැහැදිලි කරන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම.

 
[MP3]s57056_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories