සුසෙයි සිය දිවි හානිකර ගත්තේ නැහැ - සරත් ෆොන්සේකා.

Friday, 12 April 2013 - 18:44

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F.

මුහුදු කොටි නායක සුසෙයි මෙරට යුද්ධයේ අවසන් සමයේදී දිවි නසාගත් බවට පළවූ ඉන්දීය මාධ්‍ය වාර්තා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරනවා. අදිර්වු නැමැති ඉන්දීය දෙමළ වෙබ් අඩවිය අද (12) ප්‍රකාශ කළේ කොටි සංවිධානයේ මුහුදු කොටි නායකයා 2009 වසරේ මැයි 17 වැනිදා මුල්ලෙවයික්කාල් සහ නන්දිකඩාල් අතර වෙරළේදී දිවි නසාගත් බවයි. සිය ගෙළ පැළඳි සයිනයිඞ් කරල ගිල දැමූ සුසෙයි තම පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගත් බවයි එමගින් තවදුරටත් හෙළිදරව් කළේ. ආරක්ෂක හමුදාව විසින් මෙම ප්‍රදේශය වටකිරීම හේතුවෙන් එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයට පළායාමට නොහැකි වූ නිසා ඔහු මෙලෙස දිවි නසාගත් බව අදිර්වූ වෙබ් අඩවිය සඳහන් කළා. කෙසේ වෙතත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ අවසන් සටනේදී කොටි නායක වේළුපීල්ලේ ප්‍රභාකරන් මෙන් මුහුදු කොටි නායක සුසෙයි ද මියගියේ යුද හමුදා සාමාජිකයින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් බවයි.

 
[MP3]s57057[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories