කොටි 19 දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකිරීමේ තීරණයක්.

Friday, 12 April 2013 - 19:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+19+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී අනතුරකට ලක්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ගිය කොටි සැකකරුවන් 19 දෙනා නැවත මෙරටට පිටුවහල් නොකිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක බාබර් බාලෝජ් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට සරණාගත කොමිසම විසින් සරණාගතභාවය ලබාදී ඇති බවයි. ඒ හේතුවෙන් ඔවුන් පිටුවහල් නොකරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොරොන්දුවක් ලබාදී ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

 

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව බලා යමින් තිබියදී ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරකට ලක්වීමෙන් පසුව ඩුබායි හි ජෙබෙල්-අලී වරාය වෙත ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 46 දෙනෙකු සිංගප්පූරු නෞකාවක් මගින් රැගෙන ගෙන එනු ලැබුවා. පසුව හෙළිවුණේ පිරිස අතරට එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍යවේදිනියක් ඇතුළු එල්.ටී.ටී.ඊ සැකකරුවන්් 19 දෙනෙකු ද සිටි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories