මාතලේ මිනීවලේ සැබෑ වගකිව යුත්තෝ කවුරුහු ද ?

Friday, 12 April 2013 - 19:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94+%E0%B6%AF+%3F

මාතලේ සමූහ මිනීවලට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර සිය නිවසේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

2012 වසරේ නොවැම්බර් 23 වැනිදා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවල සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදීයි. පසුව මිනිස් ඇටසැකිලි 154 ක අස්ථි කොටස් වරින් වර හමුවුණා. ඒ සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුලූ කණ්ඩායමක් කළ පරීක්ෂණයේදී අනාවරණය වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි. එම කාලයේ පාලන බලය හෙබවූයේ එක්සත් ජාතික පක්ෂයයි.

 

මේ වනවිට මාතලේ සමූහ මිනීවල පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක්ද පත්කර තිබෙනවා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියේ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණයක් පත්කළ යුතු බවයි. පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයද පසුව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මාතලේ සමූහ මිනීවල පිළිබඳ මෙසේ අදහස් දැක්වූවා.

 

[MP3]s57063_1[/MP3]

 

අනුරාධපුරයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට මේ සම්බන්ධයෙන් චෝදනා කළා.

 

[MP3]s57063_2[/MP3]                               

 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s57063_3[/MP3]                             

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s57063_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories