යාපනයේ පිහිටි උදයන් පුවත්පතේ ප්‍රධාන කාර්යාලයට අද අලූයම් කාලයේ කිසියම් පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන පවසනවා. අද (13) අලූයම ඊට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වූ බවයි උදයන් පුවත්පතේ හිමිකරු වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන් ප්‍රකාශ කළේ. අද අලූයම 4.45 ට පමණ සන්නද්ධව පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. එහිදී පුවත්පත් කාර්යාලයට වෙඩි තැබූ පුද්ගලයන් පසුව එහි මුද්‍රණාලයට ගිනි තැබූ බව ද උදයන් හිමිකරු සඳහන් කළා. වෙඩි තැබීමත් සමග පුවත්පත් කාර්යාලයේ සිටි කාර්යමණ්ඩලය ඉවතට පලාගොස් තිබෙනවා. ගිනි තැබීමෙන් උදයන් පුවත්පතේ මුද්‍රණාලයට හානි සිදුව ඇති බවත්, එහිදී හිමිකරු කියා සිටියා. සිද්ධිය පිළිබඳව පැහැදිලි කරන උදයන් පුවත්පතේ හිමිකරු වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්.
[MP3]s57071[/MP3]
Follow US
Most Viewed Stories