වැට් බදු වංචාව පිළිබඳ නඩු විභාගය නැවතත්.

Saturday, 13 April 2013 - 12:51

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 400 කට ආසන්න මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වූ නඩු විභාගය අප්‍රේල් 30 වැනිදා යලි ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා. 2002- 2004 කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදුවූ මෙම වංචාව පිළිබඳ විමර්ශන වලදී විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වුණා. එහිදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් සැකකරුවන් 8 දෙනෙකු විදේශගතව සිටින බව සඳහන්. සැකකරුවන් තුන්දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් දඩුවම් නියම කෙරුණු අතර ඉතිරි සැකකරුවන් තුන්දෙනා පිළිබඳ නඩු විභාගයයි මේ මස අගදී යලි ආරම්භ කෙරෙන්නේ. විදේශ ගතවූ සැකකරුවන් 8 දෙනාට විවෘත වරෙන්තු නිකුත් කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී තිබෙනවා. සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories