අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට රටම සූදානම් - පුණ්‍ය කාලය රාත්‍රි 07.05 ට.

Saturday, 13 April 2013 - 19:05

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+07.05+%E0%B6%A7.

සිංහල - දෙමළ අලූත් අවුරුද්ද සැමරීම සඳහා සියලූ ශ්‍රී ලාංකිකයින් තුළ මේ වනවිට පවතින්නේ දැඩි උද්යෝගයක්. අද (13) රාත්‍රි 7.05 ට පුණ්‍ය කාලය එළඹෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට (14) උදෑසන 7.53 ටයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ කාලය හෙවත් සංක්‍රාන්ති සමය ලෙස ද මෙය හදුන්වනවා. සියලූ වැඩ අවසන් කර ආගමික වතාවත්වල නිරතවීම මෙම කාලය තුළ යෝග්‍ය බව ජ්‍යොතිශයේ සඳහන්. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන්.

[MP3]s57116_1[/MP3]

මෙවර නැකත් චාරිත්‍රවලට අනුව නව වසර උදාවන්නේ හෙට (14) අළුයම 1.29 ටයි. ආහාර පිසීමේ නැකත හෙට පූර්වභාග 04.06 යෙදී ඇති අතර, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීමේ නැකත් චාරිත්‍රය හෙට උදෑසන 07.05 ට යෙදී තිබෙනවා.

රට වටා අවුරුදු පිළිගැනීම සඳහා මේ වනවිට පවතින සූදානම පිළිබඳව දැනගැනීමට අප හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සම්බන්ධ කරගත්තා. හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු සනත් කුමාර ගමගේ සඳහන් කළේ තංගල්ල, කාල්ටන් මන්දිරය ප්‍රධාන කරගනිමින් ජනතාව අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට සූදානම් වන බවයි.

[MP3]s57116_2[/MP3]

හින්දු චාරිත්‍රවලට අනුව දෙමළ ජනතාව ද අලූත් අවුරුද්ද පිළිගැනීමට සූදානම්. ඒ සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව සූදානමින් සිටින ආකාරය පැහැදිලි කරන වවුනියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත.


[MP3]s57116_3[/MP3]

ඵෙතිහාසික කන්ද උඩරට ජනතාව පුණ්‍ය කාලය එළඹීමටත් ප්‍රථම ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් නව වසර වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවීමට උනන්දුවක් දක්වන බව මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක කියා සිටියා.


[MP3]s57116_4[/MP3]

අනුරාධපුරය පූජා නගරයට පුණ්‍ය කාලය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවීම සඳහා ජනතාව පැමිණෙමින් සිටින බව අනුරාධපුර හිරු වාර්තාකරු උපාලි ආනන්ද සඳහන් කළා.

[MP3]s57116_5[/MP3]

නුවරඑළිය ප්‍රදේශයේ අවුරුදු අසිරිය පිළිබඳව දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ.


[MP3]s57116_6[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories