ශ්‍රී ලංකාව සමග වෙළඳ ගණුදෙනුවලදී තරගකාරිත්වයක් නැහැ. - ඉන්දියාව.

Sunday, 14 April 2013 - 18:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93++++++%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.



ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා සඳහා තරගකාරිත්වයක් නොමැති බව ඉන්දියාව පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයිඞ් අක්බාර්රුධින් මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ පළවන ‘‘බිස්නස් ස්ටෑන්ඩඞ්’’ නමැති පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදී එම පුවත්පතේ මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ චීනය,   ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන සිටින බැවින් එය ඉන්දියාවට අභියෝගයක් නොවන්නේ ද යන්නයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් පවතින බැවින් එය කිසිවිටෙකත් පළුදු නොවන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළා. එමෙන්ම, දෙරට අතර සම්බන්ධතාවය දෙරටේම යහපතට පවතින්නක් බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. තවද, ඉන්දියාවේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරන බවද ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක සයිඞ් අක්බාර්රුධින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories