උදයන් පුවත්පත් කාර්යාලයේ ආරක්ෂිත කැමරා අක්‍රියලූ.

Sunday, 14 April 2013 - 18:50

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96.

යාපනයේ පිහිටි උදයන් පුවත්පත් ප්‍රධාන කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන පැවසුවේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එහි තිබූ සී.සී.ටී.වී කැමරා අක්‍රියව තිබූ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි. යාපනය - කස්තුරියාර් මාවතේ පිහිටි උදයන් පුවත්පත් ප්‍රධාන කාර්යාලයට ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් තිදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ අලූයම් කාලයේදීයි. මින් මුද්‍රණ යන්ත්‍ර කිහිපයකට, මුද්‍රණය සඳහා උපයෝගි කර ගන්නා කඩදාසි තොගයකට සහ බෙදා හැරීමට සූදානම් කර තිබූ පුවත්පත් රැසකට හානි සිදුව ඇති බව උදයන් පුවත්පතේ සමකර්තෘ ආර්.සිවරාජ් ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන කියා සිටියේ. 1985 වසරේ ආරම්භ කළ උදයන් පුවත්පතට 1987 වසරේ සිට මේ දක්වා ප්‍රහාරයන් 25 කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබෙනවා. පසුගිය 03 වැනිදා ද කිලිනොච්චිහි පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි සිටි පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත්, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලූගල්ල ඊයේ ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරය ඔවුන් විසින් සැලසුම් සහගතව සිදුකර ගත් එකක් බවයි.

[MP3]s57164[/MP3]

[JPG]57164_1[/JPG]

[JPG]57164_2[/JPG]

[JPG]57164_3[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories