එම්. සචිත්තානන්දන්ගේ රිය යතුරු පැදියක ගැටී එකම පවුලේ 4 කට තුවාල.

Monday, 15 April 2013 - 7:46

%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 13 කණුව ප්‍රදේශය ආසන්නයේදී හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය එම්. සචිත්තානන්දන්ගේ මෝටර් රථයේ යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 4 දෙනෙකු ඊයේ රෝහල් ගත කෙරුණා. ඒ සමඟම එම ස්ථානයේ නොසන්සුන්තාවයක් ද හට ගත් අතර පොලිසිය මැදිහත්වීමෙන් එය පාලනය කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මෝටර් රථය පදවාගෙන ගොස් ඇති බවයි වැල්ලවාය පොලිසිය සඳහන් කළේ. අනතුරින්, තුවාල ලැබුවේ එකම පවුලේ පියා, මව, සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනායි. අනතුරින් 7 හැවිරිදි දියණියගේ එක් පාදයකට දැඩි හානි සිදුව ඇති අතර ඇය මොනරාගල මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා. අනතුරට ලක්වූ යුධ හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරියෙකු වූ ඇගේ පියා ද මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මොනරාගල රෝහලේයි. අනතුර සිදුවීමෙන් පසුව, එම ස්ථානයට රොක් වූ ප්‍රදේශවාසීන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට පහරදී ඇති අතර, ඔහු ගමන් ගත් වාහනයට ද ඉන් හානි සිදුව ඇති බව වැල්ලවාය පොලිසිය කියා සිටියා.
 
කෙසේ වෙතත්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්. සචිත්තානන්දන් පහරකෑමෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයේ ඔහුගේ හැඳුනුම්පතද වැටී තිබී පොලිසිය විසින් සොයා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories