General15 April 2013

මැද පෙරදිගදී පීඩාවට පත්වූ 88 දෙනෙකු දිවයිනට.

කුවේට් සහ සවුදි අරාබියේ  ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 88 දෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියා. ඊට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි කාන්තාවන් හැත්තෑ දෙදෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පිරිමි පුද්ගලයන් 16 දෙනෙකුද ඇතුළත්. මෙම පිරිස අතර සිටි එක්  කාන්තාවකට මාස දෙකක් පමණ වයසැති කුඩා දරුවෙකුද සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු කියා සිටියේ. දිවයිනට පැමිණි එම ශ්‍රමිකයන්ට සිය නිවෙස් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes