ලිදුලේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 3 ක් මිය යයි.

Tuesday, 16 April 2013 - 7:54

%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අවිස්සාවේල්ල - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල - ලැමලියර් ප්‍රදේශයේ දී ඊයේ (15) රාත්‍රියේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් 9 දෙනෙකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙක්. මිය ගිය පුද්ගලයන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. මෙම වෑන් රථය කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

ඡායාරූප - හැටන් රන්ජිත් රාජපක්ෂ

[JPG]s57227_1[/JPG]

[JPG]s57227_2[/JPG]

[JPG]s57227_3[/JPG]

[JPG]s57227_4[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories