දැඩි සුළඟින් අනුරාධපුරයේ නිවාස 30කට හානි.

Tuesday, 16 April 2013 - 8:05

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+30%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

අනුරාධපුරය - කහටගස්දිගිලිය හා ගලෙන්බිදුණුවැව ප්‍රදේශවලට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට පමණ හානි සිදුව තිබෙනවා. කහටගස්දිගිලිය - මීමින්නාවල ප්‍රදේශයට ඊයේ (15) රාත්‍රියේ බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 20ක පමණ වහලවල් සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පැවසුවා. ඊට අමතරව ගලෙන්බිදුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයට ද ඊයේ සවස තද සුළං තත්ත්වයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් නිවාස 10ක පමණ වහලවල් ගැලවී ගොස් ඇති බවයි ගලෙන්බිදුණුවැව පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මධ්‍යම පළාතට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අද (16) දිනයේ දී ඉහළකොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමක් සිදුවිය හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා. දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණය හේතුවෙන් අද දිනයේදීත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි සමග අකුණු අවදානමක් ද පවතින බවයි.
 
[MP3]s57229[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories