සැමියාගේ බීමත්කම නිසා බිරිද ගිනි තබාගෙන මිය යයි. - සැමියා ද එල්ලී නසී.

Tuesday, 16 April 2013 - 13:01

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%83%E0%B7%93.


සැමියාගේ බීමත්කම නිසා ගම්පොළ ගුරුවරියක් ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ පසුගිය 12 වන දින ඇය මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව ඊයේ (15) රාත්‍රියේ මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිය බිරිද මිය ගිය බව දැන ගත් සැමියා ද ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස ගිනි තබා ගත් ගුරුවරිය 27 හැවිරිදි වියේ පසුවූ බවයි ගම්පොළ පොලීසිය සදහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ ඇය මීට මාස  9කට පෙර විවාහ වී ඇති අතර, මාස දෙකක ගැබිණියක් බවයි. අද (16) උදෑසන ගෙළ වැලලාගෙන සිය දිවි හානිගෙන ඇති ඇයගේ සැමියා වයස අවුරුදු 28 ත්‍රිරෝද රථ රියදුරෙකු බව පුස්සැල්ලාව පොලීසිය සඳහන් කළා.
 
මේ අතර, ත්‍රිකුණාමලය - සේදුනුවර කිලිවෙට්ටි - තංගනගර් ප්‍රදේශයෙන් ද මෙවැනිම තවත් පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ, කිසිදා මත්පැන් පානය නොකළ සිය සැමියා අවුරුදු සැමරීම සඳහා මත්පැන් සාදවලට සහභාගිවීම පිළිබද කළකිරුණු කාන්තාවක් ඊයේ (15) රාත්‍රියේ වස පානය කර දිවි නසා ගැනීමේ සිද්ධියයි. මෙසේ මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි කාන්තාවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories