ගතවූ දින 3 රිය අනතුරුවලින් 13 ක් මරුට. පුද්ගල ඝාතන 8 ක්.

Tuesday, 16 April 2013 - 18:31

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3++%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+8+%E0%B6%9A%E0%B7%8A.

ගතවූ දින 3 ක කාල සීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගල ඝාතන 8 ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා. බෙලිඅත්ත, නිවිතිගල, අම්බලන්ගොඩ, ශ්‍රී පුර සහ පිළියන්දල යන ප්‍රදේශවලින් මෙම ඝාතන වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මීට අමතරව ගතවූ දින 3 තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිස් වාර්තාවල සඳහන්. මෙම මාරක රිය අනතුරු වාර්තාවුණේ මාතලේ, ගාල්ල, ලිඳුල ඇතුලූ තවත් ප්‍රදේශ කිහිපයකින්. මෙම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයන් 15 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර මෙවර අලූත් අවුරුදු සමය තුළ විවිධ අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පුද්ගලයන් 726 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා කියා සිටියේ මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

[MP3]s57265_1[/MP3]

අලූත් අවුරුදු සමය තුළ මාතර මහ රෝහලට විවිධ අනතුරු හේතුවෙන් ඇතුළත් කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාවද දෙගුණයකින් වැඩිවී තිබෙනවා. මාතර මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිත්කි සමරකෝන් පැවසුවේ මාර්ග අනතුරු හා වෙනත් හදිසි අනතුරුවල වර්ධනයක් පෙන්නුම්  කරන බවයි.

[MP3]s57265_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories