ත්‍රස්තවාදයේ කුරිරුබව ඔබාමා පිළි ගනී.

Wednesday, 17 April 2013 - 8:52

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B6%E0%B7%80+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



ඇමරිකාවේ බොස්ටන් නුවර මැරතන් ධාවන තරගයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළා. ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික මෙහෙයක් සඳහා හෙට යාමට නියමිතයි. සිද්ධිය පිළිබද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය සාහසික බියගුළු ප්‍රහාරයක් බවයි. ඊට සම්බන්ධ කණ්ඩායම මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔවුන් ඇමරිකාව තුළින් බිහි වූ හෝ විදේශීය කණ්ඩායමක් විය හැකියි. ප්‍රහාරය එල්ල කළ පිරිස කවුරුන් වුවද ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන බවයි ජනාධිපති බැරක් ඔබාමා සදහන් කළේ. බොස්ටන් ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදීම එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හැදින්වීම ජනාධිපති ඔබාමා ප්‍රතික්ෂේප කළා.

 

බොස්ටන් මැරතන් ධාවනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 150කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. සිය පියා මැරතන් ධාවනය අවසන් කරනු බැලීමට පැමිණි 8 හැවිරිදි ළමයෙකු ද මිය ගිය අය අතර වනවා. චීන ජාතික සරසවි ශිෂ්‍යාවක ද ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories