උපවාස නිසා ප්‍රතිපත්තියේ වෙනසක් නෑ - ජූලියා ගිලාඞ්.

Wednesday, 17 April 2013 - 12:45

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A.


උපවාස හෝ දිවිනසා ගැනීමේ උත්සාහයන් නිසා නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ  ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව එරට අගමැතිනි ජූලියා ගිලාඞ් පවසනවා. නාවුරු දිවයිනේ රඳවා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිරිසක් අරඹා ඇති මාරාන්තික උපවාසය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා. මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කර වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් විශාල පිරිසක් නාවුරු දිවයිනේ රඳවා සිටිනවා. එහි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 25 දෙනෙකු මීට දින 10 කට පමණ පෙර උපවාසයක් ආරම්භ කළේ තමන්ට  ඕස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව ඇතුළුවීමට අවස්ථාව සලසා දෙන ඉල්ලමින්. එහිදී ඇතමුන් ගෙළ වැළලාගෙන දිවිනසා ගැනීමට උත්සාහ කර ඇති බවද ඇතැම්  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා. ඒ පිළිබඳ  ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. ‘‘පළමුවෙන්ම මේ ගැන කිව යුත්තේ, උපවාස කිරීමෙන් හෝ දිවි නසා ගැනීමට උත්සාහ කිරීමෙන් ඔවුන් මුහුණදෙන ප්‍රතිඵලයේ වෙනසක් නොවන බවයි. එහෙත් සැබෑ තත්ත්වය දැන සිටියද ඔවුන් ඒ සඳහා යොමුවීම කණගාටුදායක තත්ත්වයක්. කෙසේ නමුත්, පැහැදිලිවම කිව යුත්තේ එම පියවර තුළින් අප රජයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බවයි.’’

නීතිවිරෝධී සංක්‍රමණිකයන් සැබෑ සරණාගතයන් දැයි සොයා බැලීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව  ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories