කහටගහ පතලේ සේවකයෝ තවත් අඩි 1000 ක් පහළට.

Thursday, 18 April 2013 - 7:25

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A++%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+1000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි. එම මිනිරන් පතලේ සේවකයින් 70 දෙනෙකුට ආසන්න පිරිසක් අඩි දහසක පොළොව අභ්‍යන්තරයේ උපවාසයක් ඊයේ (17) ආරම්භ කළා. ඊයේ දිනයේදී තම ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබුණු නිසා සේවකයන් තවත් අඩි දහසක් පතල අභ්‍යන්තරයට බැස අද දිනයේදී උපවාසයේ නිරතවනවා. ඒ අනුව ඔවුන් අද දිනයේ උපවාසයේ නිරතවන්නේ පතලේ අඩි 2000 ක් පමණ ගැඹුරේ සිටයි.

මිනිරන් පතල තුළ මෙම සේවකයන් උපවාසය ආරම්භ කළේ අලූත් අවුරුද්දට ලබාදුන් ප්‍රසාද දීමනා සේවා ස්ථිර කිරීම් ඇතුළු ඉල්ලීම් 5කට  විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඔවුන් සඳහන් කර ඇත්තේ ගැටළුව නිරාකරණය කරගැනීමට අවශ්‍යනම් කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපතිවරයා පතල තුළට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළයුතු බවයි. මේ සම්බන්ධයෙන් කරුණු සැළවීමෙන් පසු කම්කරු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල සහකාර කොමසාරිස්වරයාගේ උපදෙස් මත නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට ගොස් තිබෙනවා.

උපවාසයේ යෙදී සිටින පතල් සේවකයන් කිහිපදෙනෙකු දෝණාවෙන් ඉහළට පැමිණි අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් දක්වා සිටියා.


[MP3]s57339_1[/MP3]

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කහටගහ මිනිරන් පතලේ භාරකරු වන ආර්. මංචනායකගෙන් විමසීමක් කළා.

[MP3]s57339_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories