ඇමරිකාවේ ටෙක්සාස් හි පොහොර ගබඩාවක පිපිරීමක්.70 ක් මරුට.

Thursday, 18 April 2013 - 13:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.70+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ඇමරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර ගබඩා සංකීර්ණයක හටගත් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ගින්නෙන් ගබඩා සංකීර්ණය අවට පිහිටි නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙනවා. ඒ අතර පිහිටි සාත්තු නිවාසයකටද හානි සිදුවී ඇති අතර එහි පුද්ගලයින් 50දෙනෙකුට ආසන්න පිරිසක් රැඳී සිට ඇති බව සඳහන්.  පිපිරීමෙන් ඇතිවූ ගින්න තවමත් පවතින අතර එය නිවා දැමීම සඳහා ගිනි නිවන ඒකක දැඩි පරිශ්‍රමයක යෙදෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගිනි නිවීම සඳහා පැමිණි ගිනි නිවන භටයින් කිහිපදෙනෙකුද අතුරුදන්වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම පොහොර ගබඩා සංකීර්ණයේ තවත් කොටසක පිපිරීමක් ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන්. පිපිරීම හේතුවෙන් ඇමෝනියා විෂ වායුවද ප්‍රදේශය පුරා පැතිරී යාමේ අවදානමක් පවතිනවා. කෙසේ වුවත් මේ වනවිට ගින්න හටගත් පොහොර සංකීර්ණය පිහිටි ප්‍රදේශයේ ගුවන් යානා ගමනාගමනයද අත්හිටුවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories