ටෙක්සාස් පිපිරීමෙන් භූ කම්පනයක්.

Thursday, 18 April 2013 - 19:02

%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රික්ටර් පරිමාණ ඒකක 2.1 ක භූ කම්පනයක් සිදුකරමින් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර ගබඩාවක අද (18) සිදුවු පිපිරීමෙන් 15 දෙනෙකු මියගොස් 160 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඇතැම් මාධ්‍ය ආයතන මීට වැඩි සංඛ්‍යාවක් මියගිය බවට වාර්තා පළ කළත්, එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම එම ප්‍රාන්ත බලධාරීන් විසින් අත්හිටුවනු ලැබුවා.

 

මීට පැය 08 කට ආසන්න කාලයකට පෙර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර ගබඩා සංකීර්ණයේ සිදුවු බරපතල පිපිරීමෙන් පසු ඇතිවු ගින්න තවමත් සම්පූර්ණයෙන් මැඬපවත්වා නැහැ. මෙයින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව නිල වශයෙන් ප්‍රකාශ කළ හැක්කේ හෙට උදෑසන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හිරෝෂිමාවේ පුපුරා ගිය න්‍යෂ්ටික බෝම්බයට සමාන දුමාරයක් මෙම පිපිරීම වූ අවස්ථාවේ ටෙක්සාස් ඉහළ අහසේ දැක ගන්නට ලැබුණු බවද එම වාර්තාවල සඳහන්. මෙම පිපිරීම සිදුවු ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු තම අත්දැකීම හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිලි කළා.

 

[MP3]s57383[/MP3]                               

 

මෙම පිපිරීමත් සමග අවට ප්‍රදේශවල ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර, ඒවායේ සිටි පුද්ගලයන් වහාම ඉන් ඉවත් කර තිබෙනවා. එම පොහොර ගබඩා සංකීර්ණයේ පිපිරීම සිදුවන අවස්ථාවේ ඇමෝනියා අඩංගු පොහොර ටොන් 20 කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ බව වාර්තා වනවා. එමෙන්ම එම ගබඩා සංකීර්ණයේ ඇමෝනියා අඩංගු විශාල ප්‍රමාණයේ ටැංකියක්ද පිහිටා ඇති අතර, එයද පුපුරායාමේ අවදානමක් ඇති බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ. කෙසේ වෙතත්, මෙම පිපිරීමට හේතුව හෝ ඊට බලපෑ කරුණු මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

 

ඇමරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයක් අතරතුර බෝම්බයක් පුපුරා ගියේ ද පසුගිය අඟහරුවාදායී. එම පිපිරීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තුන් දෙනෙකු මියගිය අතර, 150 කට අධික පිරිසක් තුවාල ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories