වකුගඩු හා අක්මාව ලෙඩ කරන මැලැක්සීන් අනුරාධපුර ළිං ජලයේ.

Thursday, 18 April 2013 - 18:36

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A.

මිනිස් වකුගඩු සහ අක්මාවට හානි කරන මැලැක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අනුරාධපුර ප්‍රදේශයේ ළිං ජලයේ අන්තර්ගත වී ඇතැයි ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. උතුරු මැද පළාතේ පැතිර යන වකුගඩු රෝගයට හේතුව සෙවීම සඳහායී එම මණ්ඩලය මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ.

 

ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා අංශයේ ප්‍රධානී එච්.ඒ.කේ.අමරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා යොදාගත් මැලතියන් නැමැති කෘමි නාශකයෙන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම මැලැක්සීන් නැමැති රසායනිකය නිෂ්පාදනය වන බවයි. එය ජලයට මුසු වී ඇතැයි හෙළි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල සිදුකළ පරීක්ෂණවලින්. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දැක්වු ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා අංශයේ ප්‍රධානී එච්.ඒ.කේ.අමරකෝන්.

 

[MP3]s57386_1[/MP3]

 

ඩෙංගු මර්දනය කිරීම සඳහා දුමායනය කිරීමටද මේ වනවිට මැලතියන් දියර යොදා ගැනෙනවා. එයද මිනිස් ශරීරයට අහිතකර බවයි ජලසම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා අංශයේ ප්‍රධානියා කියා සිටියේ.

 

[MP3]s57386_2[/MP3]

 

උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට හේතුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනෙන ආසනික් බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ දේශීය පරීක්ෂණ කණ්ඩායමක් මීට පෙර අනාවරණය කළා. ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක්ද පත්කළ අතර, කරුණු 15 ක් ඇතුළත් නිර්දේශ පසුව එම කමිටුව මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි විෂ රසායනික සහිත පලිබෝධනාශක වර්ග 4 ක් ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේ. එම නිර්දේශ ඇතුළත් අදාළ විද්වත් කමිටු වාර්තාව පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද තීරණය කෙරුණේ එම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories