කහටගහ පතලේ උපවාසය තවදුරටත් - ගැටළුවට අමාත්‍යාංශ කමිටුවක්.

Thursday, 18 April 2013 - 19:33

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයින් ආරම්භ කර ඇති උපවාසයට විසඳුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුවයි. සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධුරය අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන හොබවනවා. අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ මෙම ගැටළුව විසඳීම සඳහා නියෝජිතයින් පිරිසක් මේ වනවිටත් කහටගහ මිනිරන් පතල වෙත යවා ඇති බවයි.

 

[MP3]s57387_1[/MP3]                                

 

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයන් 70 දෙනෙකුට ආසන්න පිරිසක් අඩි දහසක පොළොව අභ්‍යන්තරයේ උපවාසයක් ඊයේ ආරම්භ කළා. ඒ, අලූත් අවුරුද්දට ලබාදුන් ප්‍රසාද දීමනා, සේවා ස්ථිර කිරීම් ඇතුළු ඉල්ලීම් 5කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඔවුන්ගෙන් 45 දෙනෙකු තවදුරටත් පතල අභ්‍යන්තරයේ අඩි 1132 ක් ගැඹුරේ සිට උපවාසයේ නිරත වනවා.

 

මෙම ගැටළුව විසඳීම සඳහා කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපති ඞී. කලංසූරිය සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න ඇතුලූ පිරිසක් මෙම ස්ථානයට ඊයේ රාත්‍රියේ ගොස් තිබෙනවා. එහිදී උපවාසකරුවන් සඳහන් කර ඇත්තේ ගැටළුව නිරාකරණය කරගැනීමට අවශ්‍යනම් කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපතිවරයා පතල තුළට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළයුතු බවයි. එහෙත් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කළා. එමෙන්ම, අද පෙරවරුවේ මෙම ගැටළුව විසඳීමට ප්‍රදේශයේ දේශපාලනඥයන් එම ස්ථානයට ගියද උපවාසකරුවන් ඔවුන් සමග සාකච්ජා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

කෙසේ වෙතත්  අවුරුදු නිවාඩුවෙන් පසු අද රාජකාරි සඳහා පැමිණි සේවකයින් 15 දෙනෙකුට පමණ මෙම පතල පිහිටි භූමියට ඇතුල්වීම සඳහා බලධාරීන් අවසර ලබාදී නැහැ. කෙසේ වෙතත්, උපවාසයේ නිරත සේවකයින් පිරිසක් මෙම උපවාසය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s57387_2[/MP3]            

 

මේ අතර, කහටගහ මිනිරන් පතලේ සේවකයින් අරඹා ඇති උපවාසයට අන්තර් සමාගම් සේවක සංගමයද සහයෝගය පළ කර තිබෙනවා. ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු එම ස්ථානයට ගොස් සිටින එහි සභාපති පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ.

 
[MP3]s57387_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories