කහටගහ පතලේ උපවාසය අවසන්.

Friday, 19 April 2013 - 7:22

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබෙනවා. ඒ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් පත්කළ කමිටුවේ නියෝජිතයින් ඔවුන් සමග ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුවයි. එම අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන කියා සිටියේ ඒ අනුව උපවාසයේ නිරතව සිටි පිරිස හෙට සිට සිය රාජකාරීවල නිරතවීමට පොරොන්දු වූ බවයි. ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් සේවකයින් 45 දෙනෙකු පතල අභ්‍යන්තරයේ අඩි 1132 ක් ගැඹුරේ සිට පෙරේදා උදෑසන සිට මෙලෙස උපවාසයේ නිරතව සිටියා. ඒවායින් ඉටුකළ හැකි ඉල්ලීම් ලබාදීමට මෙහිදී තම නියෝජිතයින් එකඟත්වය පළකළ බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

උපවාසයේ නිරතව සිටි පතල් කම්කරුවෙක් එය අවසන් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s57409[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories