පාකිස්ථානයේ හිටපු ජනපති මුෂාරෆ් නිවාස අඩස්සියට.

Friday, 19 April 2013 - 7:46

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. ඉස්ලාමාබාද් මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඊයේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව කටයුතු කිරීමට පාකිස්ථාන රජයට සිදුව ඇති බවයි පාකිස්ථාන තොරතුරු අමාත්‍ය අරිෆ් නිසාමි ප්‍රකාශ කළේ. එසේ නොකළහොත් රජය අධිකරණයට අපහාස කිරීමේ වරදට යොමුවන බවත් ඔහුගේ අදහසයි. අධිකරණ නියෝගය අනුව මුෂාරෆ් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පැය 24 ක කාලයක් පමණක් පැවති බව පාකිස්ථාන තොරතුරු අමාත්‍යවරයා සඳහන් කළා. පසුගියදා නැවත පාකිස්ථානයට පැමිණි මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කෙරුණේ 2007 වසරේදී ඔහු ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ විනිසුරුවන් පිරිසක් රඳවා ගැනීම හේතුවෙන්. කෙසේ නමුත් ඔහුගේ නීතිඥයන් අද නැවතත් මුෂාරෆ් වෙනුවෙන් ඇප ඉල්ලා පෙත්සමක් ගොනුකරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories