සියයට 15 කින් බස් ගාස්තු වැඩිකරන්නේ නැහැ. සී.බී

Friday, 19 April 2013 - 13:02

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+15+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93

බස් සංගම්වලට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සූදානම් නැතැයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් සංගම් සියයට 15 ක බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටියද ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ලබාදිය හැක්කේ සියයට 7 ක බස් ගාස්තු ප්‍රතිශතයක් පමණක් බවයි.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් පිරිවැය ඉහළයාමට සාපේක්ෂව සියයට 15ක බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.

 

සියයට 7 ක බස් ගාස්තුවක් කඩිනමින් ලබාදිය යුතු බවට පළමුව ප්‍රකාශ කර පසුව හදිසියේ එය සියයට 15 ක් දක්වා විය යුතු බවට ප්‍රකාශ කිරීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් විමසීමක් කළා.

 
[MP3]s57437_1[/MP3]                              

 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එලෙස ප්‍රකාශ කළත් තවත් බස් සංගමයක් වන සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසන්නේ තමන්ට සියයට 7 ක බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවයි. මේ එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.

 
[MP3]s57437_2[/MP3]            

 

බස් ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් පළකරන මත පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමේදී විෂය භාර අමාත්‍ය සී.බී. රත්නායක ඊට ප්‍රතිචාර දක්වා සිටියේ මෙලෙසින්.

 

[MP3]s57437_3[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories