විදුලි ගාස්තු සංශෝධනය අද සිට.

Saturday, 20 April 2013 - 8:05

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

අනුමත විදුලි ගාස්තු සංශෝධනය අද (20) සිට ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ අද සිට ඉදිරියට නව විදුලි සංශෝධන මිල ජනතාවට එක් කෙරෙන බවයි. මහජන උපයෝගීතා කොමිසම් සභාව විසින් විදුලිබිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නා.

 

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පෙර මහජනතාවගෙන් ලිඛිතව මෙන්ම වාචිකව ද ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපයෝගීතා කොමිසම අදහස් විමසීමක් කළා. මහජනතාවගෙන් කළ කරුණු විමසීමේදී 270 කට ආසන්න පිරිසක් ලිඛිතව කරුණු දක්වා තිබූ අතර මේ මස 04 වැනිදා පැවති වාචික කරුණු දැක්වීමේදී පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලිබිල සම්බන්ධයෙන් තම අදහස් දක්වා සිටියා.

 

නව ගාස්තුවලට අනුව ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා රුපියල් 3 ක්ව පැවති විදුලි ඒකකයක මිල, රුපියල් 5 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 4 යි ශත හැත්තෑවේ ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ දමා ඇති අතර, රුපියල් 7 යි ශත 50 ක් ව පැවති ඒකක 61 සිට 90 දක්වා වූ කාණ්ඩයේ මිල ඉහළ දමා ඇත්තේ ඒකකයකට රුපියල් 8 යි ශත 50 ක් දක්වායි. ඒකක 301 සිට 900 දක්වා ඒකකයකට රුපියල් 32 ක් ද එය ඒකක 900 ට වැඩිවන්නේ නම් රුපියල් 34 ක්ද අය කළ යුතු බවටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කර ඇත්තේ.

 



කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ විදුලිබිල වැඩිකිරීමත් සමගම අනෙකුත් සියලූම භාණ්ඩ හා සේවාවන්වල මිල වැඩි වන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.

 

[MP3]s57463_1[/MP3]

 

මේ අතර, ඊයේ (19) දිනයේ දී එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විදුලිබිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් කොච්චිකඬේ නගරයේ දී පහන් දල්වමින් විරෝධතාවක් පැවැත්වුවා. මේ එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය.

 
[MP3]s57463_2[/MP3]

 

කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මේ පිළිබදව සඳහන් කරන්නේ මෙවැන්නක්.

 

[MP3]s57463_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories