මු.කො. නැගෙනහිර නායකයින් උත්තරීතර මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලයි.

Saturday, 20 April 2013 - 13:28

%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මධ්‍යම කාරක සභාව කඩිනමින් කැඳවන ලෙස එම පක්ෂයේ නැගෙනහිර පළාත් නායකයින් එහි නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සංශෝධිත විදුලිබිල සහ ජීවන වියදම මෙන්ම, මුස්ලිම් ජනතාවට බලපාන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මධ්‍යම කාරක සභාව කැඳවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. පවතින ගැටලූ හමුවේ තවදුරටත් මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන ගමන්මඟ පිළිබඳ සුවිශේෂී තීන්දුවක් ගැනීම සඳහා මෙම මධ්‍යම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නැගෙනහිර නායකයින් බලාපොරොත්තු වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එම කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිෂාම් කාරියප්පර්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය යටතේ ගැටලූ රැසක් පවතින අතර, ඒ පිළිබඳ රජය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories