බේරුවලදී බස් - දුම්රිය අනතුරක්.32 කට තුවාල. 4 කට බරපතලයි.

Sunday, 21 April 2013 - 7:41

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.32+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

බේරුවල - මාගල්කන්ද - රොක්ලන්ඞ් මංසන්ධිය ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ පස්වරුවේ බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 32 දෙදෙනෙකු තුවාල ලැබුවා. මේ වනවිට බරපතල තත්ත්වයේ පසුවන 04 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් 28 දෙනා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ අංක 767 දරන දුම්රියේයී ඊයේ පස්වරු   7.15 ට පමණ මෙම බස් රථය ගැටී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූවන් මහනුවර - හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. අනතුරට පත්වු බස් රථය හෑදෙනිය සහ මහනුවර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක්. මෙම පිරිස අකුරැස්සේ අවමංගල්‍යය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර රාත්‍රි ආහාරය ලබාගැනීම සඳහා මාගල්කන්ද ප්‍රදේශයේ ඥාති නිවසකට යාමට සූදානම් වී තිබෙනවා. බස් රථ දෙකක් පිරිස රැගෙන පැමිණ ඇති අතර, අනතුරට ලක්වු බස් රථයේ පමණක් පුද්ගලයන් 52 දෙදෙනෙකු රැඳී සිටියා.

අනතුරට මුහුණදුන් බස් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.

[MP3]s57515_1[/MP3]

සිද්ධිය ඇසින් දුටුවන් කිහිප දෙනෙකු එය හිරු ප්‍රවෘත්ති අංශයට විස්තර කළේ මෙලෙසයි.

[MP3]s57515_2[/MP3]

මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළත් ඉන් ඵලක් නොවූ බව ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

[MP3]s57515_3[/MP3]

බේරුවල - මාගල්කන්ද ප්‍රදේශයේ අවට ජීවත්වන බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයන්.       මේ වනවිට සිද්ධියට මුහුණ දී බරපතල තුවාල සිදුනොවූ සහ කම්පනයට පත්ව සිටින පිරිස ඔවුන් සිය නිවෙස්වල රඳවාගෙන සියලූ පහසුකම් ලබාදී තිබෙනවා.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලදී මෙන්ම ඇතැම් රියදුරන්ගේ වරදින්ද මිනිස් ජීවිතවලට හානි සිදුවන අවස්ථා රැසක් පසුගිය කාලය තුළ වාර්තා වුණා. 2005 වසරේ අප්‍රේල් 27 වනදා අලව්ව - යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ බස් - දුම්රිය අනතුර සම්බන්ධයෙන් එලෙස වරදකරුවන් වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට කුරුණෑගල මහාධිකරණය පසුගියදා මරණ දඬුවම ද නියම කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories