1000 CC යතුරුපැදි ලියාපදිංචියට අවසර.

Sunday, 21 April 2013 - 12:35

1000+CC+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර ලබන සතියේ සිට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි එහි කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර කියා සිටියේ. කෙසේ වෙතත්, දැනට මෙරටට ගෙන්වා ඇති එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි ලියාපදිංචි කිරීමට අවසර ලබාදෙන්නේ ධාවන තරඟ සඳහා පමණක් බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

[MP3]s57539_1[/MP3]

කෙසේ වෙතත්, මෙලෙස ලියාපදිංචි කෙරෙන එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි මහාමාර්ගවල ධාවනය කිරීමට අවසර ලබා නොදෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ. දැනට රථවාහන පොලිසිය සඳහා ලබාදී ඇති යතුරුපැදි වල එන්ජින් ධාරිතාවය 600 ක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පරීක්ෂා කිරීම සඳහා අධිවේගී මාර්ග පොලිසියට එන්ජින් ධාරිතාවය 1000 ට වැඩි යතුරුපැදි දෙකක්, ලබාදී තිබෙනවා. එසේ තිබියදී ක්‍රීඩා කටයුතු සඳහා අවසර ලබා දෙන යතුරුපැදි මහාමාර්ගයේ ධාවනය කළහොත්, එවැනි යතුරුපැදි අත්අඩංගුවට ගන්නේ කෙසේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මීට පිළිතුරක් ලබා දිය හැක්කේ අදාළ කාරණාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බවයි.

මේ අතර, දැනට මෙරට මාර්ගවල ක්‍රියාත්මක වේගසීමා සංශෝධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. දැනට මහාමාර්ගවල උපරිම වේගසීමාව පැයට කිලෝමීටර 70 ක්. ඒ අනුව, එය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

[MP3]s57539_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories