බොස්ටන් සැකකරුවන් තවත් ප්‍රහාර සැළසුම් කළ බව හෙළිවේ.

Monday, 22 April 2013 - 8:18

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

ඇමරිකාවේ බොස්ටන් මැරතන් ප්‍රහාරය සැළසුම් කළ සහෝදරයන් දෙදෙනා වන ටැමර්ලන්ඞ් සානෙව් සහ සෝකා සානෙව් තවත් ප්‍රහාර සිදුකිරීමට සැළසුම් කර තිබූ බව ඇමරිකානු ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 16 වැනිදා ඇමරිකාවේ බොස්ටන් නුවර පැවති ලෝක ප්‍රසිද්ධ මැරතන් ධාවන තරඟයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයෙන් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී සොහොයුරන් දෙදෙනෙකු එම ප්‍රහාරය සැළසුම් කර ඇති බවටයි හෙළිවුණේ.

 
ප්‍රහාරය සැළසුම් කළ 26 හැවිරිදි ටැමර්ලන්ඞ් සානෙව් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණු අතර, ඔහුගේ සොහොයුරු 19 හැවිරිදි සෝකා සානෙව් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. අනතුරුව සෝකා සානෙව් අත්අඩංගුවට ගත් අතර එහිදී  පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ උගුරට බරපතල තුවාල සිදුව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories