අපි මානව හිමිකම්වලට සංවේදියි. - ජනපති.

Monday, 22 April 2013 - 20:01

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අවධාරණය කළා. අද (22) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. කිසිවෙකුගේ වුවමනාවන්ට අනුව උතුරේ මැතිවරණය නොපවත්වන අතර, එහි වෙසෙන ජනතාවගේ අවශ්‍යතාව මත මැතිවරණය පවත්වන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. මේ වන විට උතුරේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ අතර ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සම්බන්ධයෙන් සංවේදී රජයක් බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා. පසුගිය දා ඇමරිකාවේ බොස්ටන් ප්‍රහාරයේ සැකකරුවන්ගෙන් එක් අයෙකු එරට පොලිස් වෙඩි පහරින් මිය ගිය අතර, තවත් සැකකරුවෙකු තුවාල ලැබූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවැනි සිද්ධියක් මෙරට දී සිදුවූවා නම් මානව හිමිකම් පිළිබද කතා කරන බොහෝ දෙනා චෝදනා මුඛයෙන් කතා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. චෝදනා කිරීමෙන් පමණක් ඵලක් නොවන බව අවධාරණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ සෑම චෝදනාවකටම සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. සාක්ෂි නොමැතිනම් එම චෝදනා පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ආධාර සීමා කිරීමට එරට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කර සිටියා. එහිදී ඊට පිළිතුරු ලබාදුන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. මෙරටට ලැබුණු ඇමරිකානු ආධාරවලින් වැඩි ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටි පුද්ගලයින්ට තිරිඟු පිටි ලබාදීමට සහ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් වෙන් වූ බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. කෙසේ වුවත් මේ වන විට අවතැන් කඳවුරුවල සිටි පුද්ගලයින් යළිත් සිය ගම්බිම්වල පදිංචි කර ඇති බැවින් සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සියයට 95කින් අවසන් නිසා මෙම ආධාර වැඩසටහන් අවසන් වී ඇති බවයි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

මේ අතර, අරලියගහ මන්දිරයේ අද (22) පැවති ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) එක්වුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විභාගවලින් කොතරම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ද දරුවන්ගේ සාරධර්ම ගොඩනැගීමට පියවර ගත යුතු බවයි.

[MP3]s57635[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories