රෝනී ද මෙල්ගේ ලක්ෂ 50ක් වටිනා මේස ඔරලෝසුව හමුවෙයි.

Tuesday, 23 April 2013 - 8:44

%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%93+%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A%E0%B7%83+%E0%B6%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මෙල්ට අයත් කළුතර - තෙබුවන ගීකියන කන්ද වත්තේ පිහිටි බංගලාවෙන් සොරා ගත් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මේස ඔරලෝසුවක් තෙබුවන පරණ යකඩ බඩු වෙළද සැලක තිබී පොලීසිය විසින් ඊයේ (22) සොයා ගත්තා. පසුගිය 15 වැනිදා කිසියම් පිරිසක් විසින් එම නිවසේ තිබී මෙම මේස ඔරලෝසුව සහ අඩි 6ක් පමණ උසැති ලෝහමය කැටයම් සහිත චිමිනි ලාම්පුවක් සොරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද විමර්ශනයකදී තෙබුවන ප්‍රදේශයේ පරණ යකඩබඩු වෙළදසැලක තිබී මෙම මේස ඔරලෝසුව සහ චිමිනි ලාම්පුව සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (23) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories