වන අලි ප්‍රහාරයකට එරෙහිව අම්පාරේ උද්ඝෝෂණ.

Tuesday, 23 April 2013 - 12:54

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB.

මහනුවර - අම්පාර ප්‍රධාන මාර්ගයේ උහන - ගොනාගොල්ල ප්‍රදේශයේ ජනතා උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට එම මාර්ගය අවහිර වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. මොවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වන්නේ වන අලි ප්‍රහාරයකින් ඊයේ (22) සිවිල් ආරක්ෂක භටයෙකු මිය යාමට විරෝධය පළ කරමින්. සිය රාජකාරී අවසන් වී නිවෙස බලා යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සිවිල් ආරක්ෂක භටයා අවුරුදු 57ක් වයසැති සිව් දරු පියෙක්. අවස්ථා කිහිපයකදී වන අලීන්ගේ පහරකෑමට ලක්ව පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වුවත් බලධාරීන් මෙතෙක් ඊට නිසි විසඳුම් ලබා දී නැතැයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් සදහන් කළා. මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැති අම්පාර - හාඩි තාක්ෂණ විද්‍යායතන පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශය වන අලීන්ගේ තෝතැන්නක්. කෙසේ නමුත් එම ප්‍රදේශ වන අලීන්ට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන පරිදි වසා තැබීම නිසා අවට ගම්මානවලට වන අලීන්ගෙන් සිදුවන තර්ජන ඉහළ ගොස් ඇති බවයි අද (23) පැවැති විරෝධතාවයට එක්වූ ජනතාව සදහන් කළේ.

[MP3]s57667_1[/MP3]                                                                    

මේ සම්බන්ධයෙන් අප වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැයි මස 5සහ 6 යන දෙදින තුළ අමාත්‍යාංශ නිලධාරීන් සමග තමන් අම්පාර ප්‍රදේශයට පැමිණෙන බවයි. එමෙන්ම වන අලි ප්‍රශ්නයට ස්ථීරසාර විසදුමක් ලෙස විදුලිවැට වෙනුවට ඉදිරියේ දී දිවයින පුරා ජීව වැටවල් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
[MP3]s57667_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories