ආණ්ඩුවේ වාමාංශික පක්ෂවලින් සහ ජනිපෙන් වෙනම මැයි දින සැමරුම්.

Tuesday, 23 April 2013 - 13:07

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

මෙවර මැයි දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ සහ වාමාංශික පක්ෂ වෙන වෙනම මැයි දින උත්සවය පැවැත්වීමට සූදානම් වනවා. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ මැයි දින රැළිය කොළඹ - මාළිගාවත්ත - පී.ඞී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි එහි නායක අමාත්‍ය විමල් වීරවංශ සදහන් කළේ. කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් මෙම මැයි දිනය පවත්වන බවයි.

[MP3]s57668_1[/MP3]

මේ අතර, ආණ්ඩුවේ ප්‍රධාන වාමාංශික පක්ෂ ද මෙවර වෙනම මැයි දින රැළියක් සහ පෙළපාලියක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ - හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී වාමාංශික පක්ෂ එකමුතුවේ මැයි දින උත්සවය පැවැත්වෙනු ඇති. ආණ්ඩුවේ දක්ෂිණාංශික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම මැයි දින උත්සවය පවත්වන බවයි සම සමාජ පක්ෂයේ නායක අමාත්‍ය තිස්ස විතාරණ සඳහන් කළේ.
 
[MP3]s57668_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories