ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පූනේ වොරියස් කණ්ඩායම් අතර ඊයේ (23) පැවැති තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල්ගේ ඉනිම මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් අතර දැඩි කතා බහට ලක්වනවා. ක්‍රිස් ගේල් එහිදී පන්දු 66කට හතරේ පහර 13ක් සහ හයේ පහර 17ක් එල්ල කරමින් ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුණා. එය මෙතෙක් විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලෝක වාර්තා අතරට එක්වුණා. කෙසේ වුවත් එම තරගය බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 263ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස පූනේ කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි. මේ අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවැති තරගය පන්ජාබ් කණ්ඩායම කඩුලූ 5කින් ජයග්‍රහණය කළේ යළිත් වරක් මහේල ප්‍රමුඛ දිල්ලි කණ්ඩායමට පරාජය උරුම කර දෙමින්. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.
[MP3]s57701[/MP3]
Latest News
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි