කෑගල්ලේ දරුවාගේ මළ සිරුර පාලූ නිවසක.

Wednesday, 24 April 2013 - 12:49

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A.

කෑගල්ල - නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේ පාලූ නිවසකින් හමුවූ පාසල් නිල ඇඳුමින් සැරසී සිටි දරුවාගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා. ඊයේ රාත්‍රියේ මෙම මළ සිරුර සොයා ගැනුණු අතර, පසුව හෙළි වුණේ එය කෑගල්ල - වලගම්බා මිශ්‍ර විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ බවයි. ඊයේ (23) උදෑසන මෙම සිසුවා පාසල් ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මියගිය සිසුවාගේ පියා විසින් කෑගල්ල පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබුණා. මියගිය සිසුවා කෑගල්ල - උඩකරඬුපන ප්‍රදේශයේ පදිංචි 07 හැවිරිදි වහම්පුරගේ පුෂ්පකුමාර ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories