නියම බාස්මතී වෙළඳපොලේ නොමැති බවට හෙළි වෙයි.

Wednesday, 24 April 2013 - 12:50

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

මෙරට වෙළඳපොලේ මේ වනවිට අලෙවි වන්නේ සැබෑ බාස්මතී සහල් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි. ඒ අනුව ඉදිරියේදී මෙරටට ප්‍රමිතියෙන් තොර බාස්මතී සහල් ගෙන්වීමට ඉඩ නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

 

[MP3]s57725[/MP3]            

 

කෙසේ වෙතත්, අමාත්‍යවරයා ඊයේ (23) සිදුකළ අනාවරණය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළා. එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ අඩු මිලට බාස්මතී සහල් වෙළඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විමර්ෂණයක් සිදුකළ බවයි. ඒ අනුව නියම ප්‍රමිතියෙන් තොර බාස්මතී සහල් අඩු මිලට වෙළඳපොලේ අලෙවි වන බව හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව මේ වනවිට නියම ප්‍රමිතියෙන් යුතු බාස්මතී සහල් සාම්පල රේගු දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත්, ඔවුනට මෙරටට ආනයනය කරන නියම බාස්මතී සහල් හඳුනාගැනීමේ පහසුව එමගින් උදාවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. යම් හෙයකින් ප්‍රමිතියෙන් තොර බාස්මතී සහල් යම් අයෙකු මෙරටට ගෙන්වන්නේ නම් ඒවා රේගු බලතල අනුව යළි ආපසු හරවා යැවීමට උපදෙස් ලබාදී ඇති බවද ඔහු කියා සිටියා. මෙරටට වෙනත් සහල් වර්ග ආනයනය නොකරන බැවින් බාස්මතී සහල් සම්බන්ධයෙන් පමණක් මෙවැනි ගැටළුවක් පැන නැගී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අනාවරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories