දුම්රිය වැඩවැරුම ගැන සාකච්ඡා අදත්.

Friday, 26 April 2013 - 7:50

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A.

දුම්රිය වෘත්තීය සමිති සමග අද පැවැත්වෙන සාකච්ජාවකින් අනතුරුව ඉදිරියේදී ගැනීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණයක් ගන්නා බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසනවා. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරතවීමටයි තීරණය කර තිබුණේ. එහෙත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජනාධිපති ලේකම්වරයා පොරොන්දුවීමත් සමගයි එය තාවකාලිකව අත්හිටවනු ලැබූයේ. එහෙත් එම සාකච්ඡාව අවසන් වූයේ ප්‍රතිඵලයකින් තොරවයි. අද පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු.

 

[MP3]s57823[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories