රජයේ ඉඩම්වල අනවසර ඉදිකිරීම් ගැන සොයන්න. - ජනපති.

Friday, 26 April 2013 - 19:57

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


රජයට අයත් ඉඩම්වල අනවසර රාජ්‍ය ආයතන විසින්ම අනවසර නිවාස ඉදිකර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබද සොයා බලා එම කටයුතු සිදුකළ පුද්ගලයන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (26) එක්වෙමින්.

[MP3]s57876_1[/MP3]                          

ගංඟා නිම්න සංවර්ධන මණ්ඩලය වසා දැමීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා අහිමි වූ සේවකයන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසුවා. ඊට පිළිතුරු දුන්නේ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වායි.

[MP3]s57876_2[/MP3]                        

1963 වසරේ ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයේ සේවයට පැමිණි පවුල් 68 ක් වලවේ ව්‍යාපාරය යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කෙරුණු අතර 1982 වසරේදී ඔවුන් මහවැලි අධිකාරියට අනුයුක්ත කෙරුණා. ඔවුන් ඇඹිලිපිටිය නව නගර පාරේ ජාතික පාසල ඉදිරිපිට දින 4ක් පුරා උපවාසයක නිරතවන්නේ  1993 වසරේදී ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය ඈවර කිරීමත් සමග තමන් පදිංචිව සිටි නිවාස සහ ඉඩම් යළි රජයට පවරා ගත් බව පවසමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories