පොදුරද මඩුල ශ්‍රී ලංකාවේ. - තීරණයේ වෙනසක් නැහැ.

Saturday, 27 April 2013 - 7:44

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා තහවුරු කළා. ඒ, ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා ඊයේ හමුවුණා. එහිදී සාකච්ඡා කළේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳවයි. මේ අතර, ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවයක් ද පැවැත්වුණා. ඒ, රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එරෙහිවයි.   

පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවේ 39 වන රැස්වීම් වාරය ලන්ඩනයේදී ඊයේ (26) පැවති අතර එහිදී, ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුවී නැහැ. රැස්වීම පැවැත්වුණේ බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඩිපු මෝනිගේ ප්‍රධානත්වයෙන්.  ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජැමෙයිකාව, මාලදිවයින ඇතුළු තවත් රටවල් රැසක නියෝජිතයන් ඊට එක්වුණා. මෙම සාකච්ඡාවේදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ගත් තීරණය වෙනස් කිරීමට හැකිවනු ඇතැයි ඇතැම් කණ්ඩායම් බලාපොරොත්තු වුණා. කෙසේ නමුත්, එහිදී ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුනොවීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. මෙම සාකච්ඡා වාරයේදී බ්‍රිතාන්‍ය මහරැජිනගේ අත්සනින් පසුගියදා එළිදක්වනු ලැබූ පොදුරාජ්‍ය මණ්ඩලීය නව ප්‍රඥප්තිය පිළිගැනීම ද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories