කොටි රැක ගැනීමට උත්සාහ කළ රටවල් 03 ක් - කේ.පී.

Saturday, 27 April 2013 - 18:27

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+03+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආරක්ෂාව ලබාදීමට රටවල් 03 ක් ඉදිරිපත් වූ බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධානියා ලෙස කටයුතු කළා යැයි කියන කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පවසනවා. අප්‍රිකානු රටවල් දෙකක් සහ ආසියාතික රටක් මෙලෙස අවසන් මොහොතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් ඉදිරිපත් වු බවයි කුමරන් පද්මනාදන් මාලදිවයිනේ මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ.

 

2008 වසරේදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන ලෙස තමා එල්.ටී.ටී.ඊ. නායක වේළුපීල්ලේ ප්‍රභාකරන්ගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු පවසනවා. එහෙත් එල්.ටී.ටී.ඊ. නායකයා එම ඉල්ලීම පිළිගැනීමට සූදානම් නොවූ බවද කුමරන් පද්මනාදන් සඳහන් කළා. එල්.ටී.ටී.ඊ. නායකයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී කොටි සාමාජිකයන් දැඩි කලකිරීමෙන් පසුවු බවද කේ.පී. කියා සිටියා.

 

මේ අතර, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම සඳහා ඉන්දීය රජය මැදිහත්විය යුතු බව තමිල්නාඩු විපක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි පවසා තිබෙනවා. ඉන්දීය මධ්‍යම රජයට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රටවල්ද මෙම ක්‍රියාදාමය සඳහා මැදිහත්විය යුතු බවයි කරුණානිධි සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories