Business28 April 2013

බදු සහන වාහන නිසා රජයට අහිමි වූ මුදල මෙන්න.

තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමෙන් රජයට පසුගිය වසරේදී රුපියල් බිලියන 38 යි දශම 5 ක ආදායමක් අහිමිවී ඇති බව මහබැංකුව පෙන්වා දෙනවා. එය පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දශම 5 ක පමණ ප්‍රතිශතයක්. 2012 වසරේදී මෙරට බදු ආදායම් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 14 යි දශම 5 ක් වූ අතර පෙර වසරට වඩා සියයට 13 යි දශම 2 කින් පහත වැටුණා.  රාජ්‍ය සේවකයන්ට ලබා දෙන තීරු බදු රහිත බලපත්‍ර නොවන්නේ නම් බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 යි දශම 9 දක්වා ඉහළ යන බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ. රජය විසින් ලබා දෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකිණීමට දැන් අවස්ථාව ලබාදී ඇති අතර එහි ප්‍රතිඵල පිළිබඳව මෙතෙක් ඇගයීමක් සිදුකර නැහැ.

Related recommendation
Hiru TV News | Programmes