International28 April 2013

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මරුට.



පාකිස්තානයේ මැතිවරණ අපේක්ෂකයෙකුගේ දේශපාලන කාර්යාලයකට අද (28) පස්වරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන පාකිස්තාන මහ මැතිවරණයට තරග වදින සහීඞ් නූර් අක්බාර් නැමැති අපේක්ෂකයාගේ දේශපාලන කාර්යාලයටයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes